(විනීතා එම් ගමගේ)
ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වංචා කළ බව කියන කොළඹ ප‍්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් කඩවත සූරියපාලූව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
පුද්ගලයින් පනහකට අධික ප‍්‍රමාණයකින් මුදල් ලබාගත්තද, එම රැකියා ලබානොදුන් බවට මෙම වංචාවට අසුවූ පුද්ගලයකු විසින් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ෂණයකින් පසු මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාරියගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත‍්‍ර අසූවක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකඟතා ගිවිසුම් විශාල ප‍්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප‍්‍රකාශද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.
එසේම මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා දාහතරක්ද අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තිබී ජපන් නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා දෙකක්ද හමුවූ බව කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මෙම කාන්තාව එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හැත්තෑනමයක මුදලක් බැගින් ජපාන රැුකියා ලබාදෙන බව පවසා ලබාගෙන ඇති අතර එමගින් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කර ඇති බවට මේ වන විට පැමිණිලි ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම රැකියා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු එයට හසුවූ පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කරමින් සිටින අතර, ඒ අනුව සැකකාරිය වංචා කළ මුළු මුදල රුපියල් කෝටි 10ට අධික විය හැකි යැයි විමර්ශන නිළධාරීහු විශ්වාස කරති.
සැකකාරිය මේ මස 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙම ජාවාරමට සහය වූ එක් සැකකරුවෙකු විදේශ ගතවී ඇති බවත් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවන බවත් එම විමර්ශන ඒකකය කියයි.

