කොළඹ නගරයේ සිටින බල්ලන් ලියාපදිංචි කිරීමේ නීතියට පණ දීමට කොළඹ මහ නගර සභාව සැරැසේ.
බල්ලකුට රුපියල් පහක් ද බැල්ලියකට රුපියල් හතයි පනහක් ද ලියාපදිංචි ගාස්තු ලෙස අය කෙරේ.
කොළඹ නගරයේ පහළොස්දහසක් පමණ බල්ලන් සිටිතියි කියති එයින් දස දහසක් ම ලියාපදිංචි නොකළ බල්ලන් බවත් දැනගන්නට ඇත.
පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලු සමයේ අයාලේ ගිය බල්ලන් තුන්සීයක් පමණ අල්ලා කොළඹින් ඉවත් කැරිණි.
පසුගිය අයවැයේදී බල්ලන්ගේ කෑමට අය කරන බද්ධ අඩු කැර ඇත.