(ඉන්දිකා රාමනායක)
පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී සහ තලංගම පොලිස් වසමේ පැලවත්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ , ලහිරු වීරසේකර , ජගත් මනුවර්ණ , ජෙහාන් අප්පුහාමි , රතිදු සේනාරත්න (රැට්ටා) ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .
හඳුනාගත් මෙම පිරිස සම්බන්ධයෙන් කොටුව සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට පොලිසිය බි වාර්තාවකින් කරුණු වාර්තා කර ඇත
ඉකුත් 9 -10 යන දින මොවුන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , පහරදී තුවාල සිදුකිරිම පොදු දේපල පනත යටතේ වැරදි කිරීම , මංමවත් පනත යටතේ වැරදි සිදුකිරීම , අනර්ථය කිරීම , යන වැරදි මොවුන් සිදුකර ඇති බව කර ඇති බවට පොලීසිය අධිකරණය කරුණු වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි .