සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව ගබ්සා පෙති, මනස විකෘති කිරීමේ පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග මෙරටට ආනයනය කළ කොළඹ ගෑන්ඩ් පාස් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ අසුවක දඩයක් නියම කළ රේගුව එම ඖෂධ තොගය රාජසන්තක කර සෞඛ්‍ය හා පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එන්.සී ලියනගේ මහතා විසින් සිදු කළේය.
පසුගිය 6 වෙනිදා විටමින් වර්ගයක් ලෙස රේගුවට ප්‍රකාශ කොට කටුනායක ගුවන් බඩු පර්යන්තයට රුපියල් දාහතර දහස් හාරසිය අනු හයක බදු මුදලක් ද ගෙවා සැකකරු මෙම ඖෂධ තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබියදී නයිකන්ද රේගු නිවාරන කාර්යාලයේ නීලධාරීන් විසින් අත් අඩංගුවට ගැනිණි.
ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් බවට රේගුව ගනන් බලා ඇතත් මෙම ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම නිසා තරුණ පරපුරට වන විනාශය රේගු පරික්ෂණයේදී විශේෂයෙන් සැලකිල්ලට ගත් බව රේගුව කියයි.
සැකකරු මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා ලියාපදිංචි පුද්ගලයෙකු නොවන බවද මේ පිළිබඳව සිදු කළ රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී.ආර් ක්‍රිස්ටි මහතාගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරී ලලන්ත රාජපක්ෂ, සහකාර නිවාරණ නිලධාරී ඩන්කන් හෙට්ටිආරච්චි, ඩී.එම්.ජී ඩැනියෙල්, යු.ඩී.ෙජ් මොන්ටි, අමිල ප්‍රනාන්දු, ෙජ්.කේ අරඹේවෙල සහ මිලින්ද ජයසුරිය යන නිලධාරීහු සිදු කළහ.

