කොළඹ පෙර පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ‍වේලක්


(ඩයනා උදයංගනී)

කොළඹ නාගරික බල ප්‍රදේශයේ  පෙර පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවල දරුවන්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරිණි.

කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලිමකට අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සංවිධානය මේ සඳහා සහයෝගය දක්වා තිබේ.

 කොළඹ මහ නගර සභාවේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 12ක , ආධාරලාභී පෙරපාසල් 25 ක සහ දිවා සුරකුම් මධ්‍යස්ථාන 4 ක සිටින ළමුන් 1200 ආවරණය වන පරිදි  මාස හයක කාලයක් මෙසේ ආහාර වේලක් ලබාදීමට නියමිතය.

එක් දරුවෙකු සඳහා දිනකට රුපියල්100ක වියදමින් මෙම ආහාරය ලබාදෙන අතර, ස්ටැන්ලි ජෑන්ස් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.