කොළඹ පැත්තකට පොලිස් ඇඳිරි නීතිය


කොළඹ ග්‍රෑන්පාස් පොලිස් බළ ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය. අද සවස දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීවේය.