කොළඹ ප්‍රදේශ කීපයකට පැය 16 ක ජල කප්පාදුවක්


(යොහාන් භාසුර)

කොළඹ 5 සහ කොළඹ 6 යන ප්‍රදේශවලට හෙට (18) රාත්‍රී 11.00 සිට අනිද්දා (19) පස්වරු 3.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම කාලය තුළ කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජල සැපයුම ලැබෙන බව ද ජල සම්පාදන මණ්ඩලය කියයි.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ සංවර්ධන කටයුත්තක් නිසා මෙසේ ජල සැපයුම අත්හිටුව බව ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.