(ජයන්ත සමරකෝන්)
කොළඹ නගර සීමාව තුළ රුපියල් 20 ක සීමිත බස් ගාස්තුවක් යටතේ පොදු මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවකට කොළඹ මහ නගර සභාවේ අනුමැතිය පළ වී ඇත.
ඉකුත් ජුනි මාසයේ දී මහා සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාවට සභාවේ පූර්ණ අනුමැති හිමි වී ඇතැයි එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දැනට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේය.
නගරයේ පවතින වාහන තදබදයත්, පෞද්ගලික වාහන නගරයට පැමිණීමත් අඩු කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බවද මන්ත්‍රීවරයා කීවේය.

