
(ඩයනා උදයංගනී)
කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල පිහිටි භූමියේ කොටසක ආහාර භෝග වගා කිරීමේ ව්‍යාපෘතිය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුකෙරිණි.
නගර සභා භූමියේ කොටසක මෙලෙම එළවළු පැළ වගා කෙරෙන අතර, කාගීල්ස් ආයතනය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ මෙලෙස වගාවක් ආරම්භ කිරීමට තීරණය කළ බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
එමෙන්ම කොළඹ නගරයේ දිළිඳු ජනතාවට ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ආරම්භ කර ඇති ‘ප්‍රජා කුස්සිය’ වැඩසටහන සඳහා අවශ්‍ය එළවළු මෙම වගාබිම මගින් ඉදිරියේදී ලබාදීමට ද බලාපොරොත්තු වන බව ඇය කීවාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





