කොස්ගොඩ පොලීසිය අසල පාසල් මාවතේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිටි දුර්ලභ ඇලි කැස්බෑවකු සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණීලි කැර ඇත.
කිලෝ 9.5 බරැති පළල 39 හා දිග 60 ක් වන මේ කැස්බෑවාගේ නම රෝසිය.
කලකට පෙර විදේශිකයකු මෙම කැස්බෑවා රුපියල් හාරකෝටියකට ඉල්ලුවත් නොදුන් බව එම මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවේ කොළ ,ධාර, පොතු ,ගල් හා ඔළුගෙඩි වශයෙන් කැස්බෑ වර්ග පහකි.
කැස්බෑ බිත්තර දහසකින් හෝ දසදහසකින් එක් ඇල්බීනෝ හෙවත් සුදු පැටවකු ඉපැදීමේ ඉඩකඩ ඇති බවත් සිරුරේ පැහැය ඇති කරන වර්ණක ඌණතායක් නිසා මෙවැනි සුදු කැස්බෑවුන් ඇති වන බවත් දකුණූ වෙරළ තීරයේ කැස්බෑ මධ්‍යස්ථාන බොහෝමයක ඇල්බීනෝ කැස්බෑවෝ සිටින බවත් කැස්බෑවුන් ගැන දන්නා පරිසරවේදීහු කියති.

