(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය එක්ව ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන හරහා එන්නත් ලබාගත් ජනතාවගේ එන්නත් වාර්තාව එම වැඩසටහනේ දත්ත පද්ධතියට නිසිපරිදි ඇතුළත්කර නොතිබීමෙන් මේ වන විට ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කළ බොහෝ එන්නත් මධ්‍යස්ථානවල එන්නත් ලබාදීම කාඩ්පතේ සටහන් කළ ද දත්ත පද්ධතියට ඇතුළත් නොකිරීමෙන් විදේශගත වන පුද්ගලයන්ට ‘කොවිඩ්’ මර්දන විද්‍යුත් වාර්තාව ලබාගැනීමේදී ස්ථාන කීපයකට ගොස් කාඩ්පත ඉදිරිපත්කර දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට සිදුව තිබේ.
විදේශගත වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ‘කොවිඩ්’ මර්දන විද්‍යුත් වාර්තාව ලබාගැනීමට පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ගිය විට එන්නත් ලබාගත් ස්ථානවලට ගොස් දත්ත පද්ධතියට ඇතුළත්කරගෙන එන ලෙස දැනුම් දෙන අතර ඇතැම් පුද්ගලයන්ට එන්නත් තුනම ලබාගත් ස්ථාන තුනටම යෑමට සිදුවන බවත් දැනගන්නට තිබේ.
ඇතැම් ස්ථානවලට ගිය විට එම ස්ථානවල ජනතාවට පැය ගණන් කාලගත කිරීමට සිදුවන බවත් මෙම තත්වයෙන් විදේශගතවීමට සූදානම් වන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්වන බවට චෝදනා එල්ල වේ.

