ජා-ඇළ බැංකුවක ඉතිරිකිරීමේ ගිනුමක් ඇරැඹූ 17 හැවිරිදි තරුණයකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හැත්තෑ අට දහසක් ලබා ගෙන ඇතැයි කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි.
රුපියල් 163000ක ශේෂයක් ඔහුගේ බැංකුවේ තිබිය දී රුපියල් කෝටි එක හමාරකට වැඩි මුදලක් ආපසු ලැබී ඇත්තේ බැංකුවේ දෝෂයක් නිසා බව බැංකුව උසාවියේ දී පිළිගත්තේය.
එම තරුණයා මාස හතකදී විවිධ නගරවල ටෙලර් යන්ත්‍රවලින් 558 වාරයක් මුදල් ගෙන ඇත.
බැංකුවට මුදල් ටික ටික ගෙවීමට මෙම තරුණයා අද පොරොන්දු විය.
එහෙයින් රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ දහයක ශරීර ඇපයක් මත ඔහු මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

