කොල්ලය වරදී
ඒකල මඩම හන්දියේ ජංගම දුරකතන අලෙවි හළක් කොල්ල කෑමට ආ කොල්ලකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අලෙවි හල්හිමියාගේ සහෝදරයා තුවාල ලැබූ බව ජාඇළ පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන කොල්ලකරු ද අසල්වාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇති අතර එක් සැකකරුවකු පැන ගොස් ඇත.

