ගෙයක් බීදීමේ සොරකමක් සම්බන්ධයෙන් බාල වයස්කාර දරුවකුට දැඩි ලෙස අවවාද කළ කලවාන මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඔහු නිදහස් කළේය.
කලවාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඔහු මීට පෙරද විවිධ චෝදනා වලට වැරැදිකරු වී ඇති බවයි.
තුන් මසකට පමණ පෙර ඔහු පරිවාස භාරයේ සිට උසාවි ගෙනවුත් පොලීසියේ පුටුවක වාඩී කරවා සිටියදී ජනේලයක් අසල තිබු නළයක් දිගේ ඉහළට ගොස් පොලිස් අධිකාරී කාර්යාලයයේ රැය පහන් කැර ඇති බව පොලිසිය මහෙස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
පසුදා සහකාර පොලිස් අධිකාරි වැඩට එද්දී ඔහුගේ කාර්යාලයයේ මේ ළමයා නිදා සිටි බවද පොලීසිය සදහන් කළේය.
මොහු කිහිප වතාවක්ම පරිවාස භාරයෙන් පළාගොස් ඇතැයි ද පියා නොමැති මේ දරුවාගේ මව විදෙස් ගත වී ඇතැයි ද බාප්පා සමඟ ජීවත් වන බව ඔහු පවසා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.