කොල්ලකරුවෝ ‘බාස්’ මරා දමති


 වත්තල ප්‍රාදේශිය සභාවේ  සභාපති ත්‍යාගරත්න අල්විස්  මහතාගේ කෙරවලපිටිය නිවස  කොල්ල කෑමට පැමිණි  පිරිසක්  ඊයේ (21) රාත්‍රියේ එහි සිටි 75 හැවිරිදි බාස් කෙනෙකු ඝාතනය කැර  ඇතැයි වත්තල පොලීසිය කියයි.ඔහු නිවසට ගෙන්වාගෙන ඇත්තේ  ලී බඩු පොලිෂ් කිරීම සදහාය.

 සභාපති හා  බිරිද ඊයේ රාත්‍රී 9.30ට පමණ  පන්සලේ  උත්සවයකට සහභාගී වෙමින් සිටියදී  නිවස අවට කිසියම් පුද්ගලයකු සැරිසරන බවට  නිවසේ සිටි පුද්ගලයා  සභාපතිට දුරකථනයෙන්  දැනුම් දී ඇති බවත් , ඔහුගේ සිරුර  නිවසේ නාන කාමරයේ තිබී හමු වී ඇති බවත්  කොල්ලකරුවන් නිවසේ අල්මාරි ඇද දමා ඇති බවත් පොලීසිය කියයි.