(විනීතා එම් ගමගේ)
කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයකු සේවා ස්ථානයේදී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොරියාවේ තේගු පෙදෙසේ කම්හලක සේවය කළ තිස් පස් හැවිරිදි චාම් සෞම්‍ය පාලිත නමැති තරුණයෙකි. ඔහු කෑගල්ලේ පදිංචිව සිටි අයෙකි.
නූල් ඔතන යන්ත‍්‍රයක පැටලී තිබූ නූල් ඇද දැමීමට යද්දී එකී යන්ත‍්‍රය තුළට වැටී මෙම තරුණයා තුවාල ලබා ඇති අතර එම අනතුර වූ ස්ථානයේ දීම ඔහු මිය ගොස් ඇතැයි පැවැසේ.
2008 වසරේ කොරියාවට ගොස් ඇති අතර මේ වනවිට වීසා නැතිව නීති විරෝධීව රැදී සිටිමින් සේවය කළ අයෙකි.

