කොරියා විභාගයට විසිදාහක්


අද අවසන් වු කොරියන් භාෂා ප්‍රවිණතා විභාගයට කොළඹ නාලන්ද, අශෝක , ඩී එස් සේනානානයක ,ගෝතමී බාලිකා ,ඉසිපතන හා තර්ස්ටන් විද්‍යාලයන්හි විභාග මධ්‍යස්ථානවලදී අපේක්ෂකයන් 20536 දෙනකු පෙනී සිටි බව විදේශ සේවා නියුක්කති කාර්යාංශය කියයි.

ප්‍රතිපල සති දෙකකදී  එනම් නොවැම්බර් පළමුවැනිදා නිකුත් කිරීමටද නියමිතය.

මෙය 11 වැනි කොරියන් භාෂා ප්‍රවීණතා විභාගයයි.විභාග සමතුන්ට ලබන වසරේ රැකියා දීමට හැකි වෙතියි ද කාර්යාංශය  පවසයි .

ශ්‍රී ලංකා දකුණු කොරියා තානාපති කාර්යාලයය හා දකුණු කොරියා රජයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ විදේශ ශ්‍රමික සුදුසුකම් තිරණය කිරීමේ නිලධරයින්ගේ ද සහායෙන් විභාග දෙපාර්තමේන්තුව මෙම විභාගය පැවැත්විය.

www.slbfe.lk, www,eps.go.kr, www.hrdkorea.or.kr   යන අන්තර්ජාල වෙබ් අඩවි වලින්  ප්‍රතිපල නිකුත් කරන බව විදේශසේවා නියුක්ති කාර්යාංශය කියයි.