කොරියා යන අයට අපෙන්ම නිවාස


දකුණු කොරියාවේ සේවය කරනා ශී‍්‍ර ලංකා ශ‍්‍රමිකයින් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකර දීම සම්බන්ධයෙන් ඉදිකිරීම්,ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

පසුගිය දිනයන්හිදී දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැත්වුණු නිවාස හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් වූ සමුළුවට සහභාගීව සිට අමාත්‍ය විමල් වීරවංශ හා දකුණු කොරියාවේ ඉඩම්,යටිතල පහසුකම්,හා ප‍්‍රවාහන අමාත්‍ය සු සෙන් හුවන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී ඇතැයි සඳහන්ය.

ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය හා ආයෝජන අවස්ථා සම්බන්ධයෙන්ද අමාත්‍ය දෙපළ අදහස් හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තා වේ.