කොරනර් ඇඹිලිපිටිය රෝහලට දෙහි කපයි


ගල නාලයේ දෙහි ගෙඩියක් හා ස්වාස නාලයේ දොඩම් බිකක් හිරැවුණ සිවු දරු පියකු ඇඹිලිපිටිය රෝහලේදී මියයාම ගැන නාගරික මරණ පරීක්ෂක ආර්.එස්. ගුණසේන මහතා විමතිය පළ කරයි. හුස්ම ගැනීමට අපහසුවී දින නවයකට පසු මියගිය ඔහුගේ මරණයට හේතුව ගල නාලයේ දෙහි ගෙඩියක් හිරැවීම හා ශ්වාස නාලයේ දොඩම් බිකක් හිරැවීම බව අධිකරණ වෛද්‍ය සී. අබේසූරිය මහතා නිගමනය කෙළේය. විශේෂඥ වෛදයවරුන් සිටින පහසුකම් ද ඇති රෝහලකදී මේ මරණය වළක්වා ගත හැකිව තුබූ බව හදිසි මරණ පරීක්ෂක කියයි.