කොදෙවෝ එංගලන්තය පරදවා ඉදිරියට එති
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (27) රාත‍්‍රි පැවැති තරගයෙන් කොදෙව් පිල ලකුණු 15 ක ජයක් ලැබීය.
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටිය ද, කොදෙව් පිලට ශුද්ධ ලකුණු වේගය (+0.750) අනුව පළමු කාණ්ඩයේ පෙරමුණ හිමිව තිබෙන අතර ශ‍්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවෙයි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය සමව අවසන්වීම නිසා ශුද්ධ ලකුණු වේගය 0 කි. එංගලන්තය (-0.750) සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
බටහිර ඉන්දීය කොදෙව් ඕවර 20 කදී කඩුලූ 5 ට 179 (ක‍්‍රිස් ගේල් 58, ජොන්සන් චාල්ස් 84, ස්ටුවට් බ්‍රෝඞ් 26/2)
එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 4 ට 164 (ඇලෙක්ස් හේල්ස් 68, එඔයින් මෝගන් නොදැවී 71, රවී රාම්පෝල් 37/2)

