කොදෙව්වෝ ලකුණු 77 කින් බංග්ලාදේශය පරාජය කරති


බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 77 ක ජයක් ලැබීමට සමත් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (17 වැනිදා) ලකුණු 245 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 167 කට සීමා කිරීමට කොදෙව් පන්දුයවන්නෝ සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම  ඕවර 144 කදී කඩුලූ 4 ට 527 සහ දෙවැනි ඉනිම  ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 273 (කිරාන් පවෙල් 110, ඩැරන් බ‍්‍රා්වෝ 76, සුනිල් නරේන් නොදැවී 22, සොහග් ගෂී 74/6) බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර 148.3 කදී සියලූ දෙනා දැවී 556 සහ දෙවැනි ඉනිම  ඕවර 54.3 කදී සියලූ දෙනා දැවී 167 (නයීම් ස්ලාම් 26, මහ්මුදුල්ලා 29, ටීනෝ බෙස්ට් 24/5)