කොදෙව්වෝ ඕස්ටේ‍්‍රලියාව පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබති


කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) රාත‍්‍රි පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 74 කින්  ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් මහා තරගය ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 7 වැනිදා රාත‍්‍රි 7.00 සිට ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. බටහිර ඉන්දීය කොදෙව්  ඕවර 20 කදී කඩුලූ 4 ට 205 (ක‍්‍රිස් ගේල් නොදැවී 75, මාලන් සැමුවෙල්ස් 26, ඞ්වේන් බ‍්‍රාවෝ 37, කිරාන් පොලාර්ඞ් 38, පැට් කමින්ස් 36/2) ඕස්ටේ‍්‍රලියාව  ඕවර 16.4 කදී සියලූ දෙනා දැවී 131 (මයික් හසී 18, ජෝජ් බේලි 63, සැමුවෙල් බඞ්රි 27/2, රවී රාම්පෝල් 16/3, සුනිල් නරේන් 17/2, කිරාන් පොලාර්ඞ් 6/2)