කොදෙව් පිල ලකුණු 139 යි


විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල  ඕවර 19.3 කදී ලකුණු 139 කට දැවී ගියේය. බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 139 (ක‍්‍රිස් ගේල් 30, මාලන් සැමුවෙල්ස් 24, ඩැරන් බ‍්‍රා්වෝ 16, කිරන් පොලාර්ඞ් 28, ඩග් බ‍්‍රාස්වෙල් 31/3, ටිම් සවුති 21/3, නේතන් මැකලම් 19/2)