කොදෙව් ක‍්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී නවසීලන්ත බලාපොරොත්තු සුන්කරති
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01) පැවැති දිනයේ පළමු තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ‘සුපිරි ඕවරයේදී’ නවසීලන්තය පරාජය කිරීමට සමත් විය. මෙම පරාජයත් සමග නවසීලන්ත තරගාවලියෙන් ඉවතට විසිවිය.
ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරගය අද (01) රාත‍්‍රි පැවැත්වේ. එම තරගයේ ප‍්‍රතිඵලය අනුව පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය වේ.
ක‍්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් ලකුණු 18 ජයග‍්‍රාහි ඉලක්කය පන්දු 5 කදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සුපිරි ඕවරයේදී කිසිවකු නොදැවී ලකුණු 17 ක් රැස්කළ අතර කොදෙව් පිල පන්දු 5 කදී කිසිවකු නොදැවී ලකුණු 19 ක් රැස් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 139 (ක‍්‍රිස් ගේල් 30, මාලන් සැමුවෙල්ස් 24, ඩැරන් බ‍්‍රා්වෝ 16, කිරන් පොලාර්ඞ් 28, ඩග් බ‍්‍රාස්වෙල් 31/3, ටිම් සවුති 21/3, නේතන් මැකලම් 19/2)
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 7 ට 139 (මාටින් ගප්ටිල් 21, බ්‍රෙන්ඩන් මැකලම් 22, රෝස් ටේලර් නොදැවී 62, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 14, සුනිල් නරේන් 20/3)

