කොටියා බ්ලේඩ් තලෙන් ඇඟ කපා ගනී
යාල වනෝද්‍යානයේදී 2009දී හේන් ගොවීන් හත් දෙනකු වෙඩි තබා මරාදැමූ බව කියන කොටි සැකකරු මොනරාගල මහේස්ත්‍රාත්උසාවියේදී අද බ්ලේඩ් තලයක් වැනි දෙයකින් බෙල්ල හා ඇඟ කපා ගැනීමෙන් පසුව රෝහලට ඇතුළු කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නැති බවත් පොලිසිය කියයි. මඩකළපුවේ සුන්දරලිංගම් කේතීස්වරන් මොනරාගල බන්ධනාගාරයේ සිට උසාවි ගෙන එනු ලැබීය. නඩු සම්බන්ධයෙන් නීති උපදෙස් නොලැබූණු බව පොලිසිය උසාවියට දැන්වූ පසු ඔහු දෙමළෙන් කතා කර බෙල්ල, පපුව හා අත පය ද කපා ගන්නට විය. පොලිසිය හා බන්ධනාගාර නිලධරයෝ වහා ඔහු අල්ලා එය නතර කළහ. ඔහු යළිත් රිමාන්ඩ කරනු ලැබීය.

