කොටි හිතවාදීහු ලංකාවට තව ලෙඩක් දමති
දෙමළ ඊළාම් සහයෝගිතා සංවිධානය (ටෙසෝ) සමුළුවක් චෙන්නායිහිදී අද දෙවැනිවරටත් පැවැති බව තානාපති ආරංචි සඳහන් කරයි. තමිල්නාඩු ඩි.එම්.කේ. පක්ෂ නායක හිටපු තමිල්නාඩු මහා ඇමැති එම්. කරුණානිධ ඇතුළු එම පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ නව යෝජනා දෙකක් ද සම්මත කර ගෙන ඇතැයි එම තානාපති ආරංචි මර්ග වලින් වැඩදුරටත් සඳහන්වේ. ඉකුත් අගොස්තු 3 වැනි දා චෙන්නායිහි දී මෙම සමුළුව පැවැත්වූ අතර එම සමුළුවට සූදානම් වූ කාලයේ දී ඊළාම් සංකල්පය යටතේ එය නොපවත්වන ලෙසට ඉන්දියා රජය ඔවුනට තරයේ අවවාද කර තිබිණි. ඉන්දියා මධ්‍යම රජය තවදුරටත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්කරුවකු විය යුතු බවත්, ලංකික දෙමල ජනතාව මුහුණ පා ඇති අර්බුද විසැඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ යුතු බවට ඉන්දියා මධ්‍යම රජය එ.ජ. සංවිධානය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ යුතුය යන යෝජනා එහිදී සම්මත විය.

