කොටහේන පොලීසියෙන් ටීඑන්ටී කිලෝ 120 ක්


1995 දී  කොටි ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන කොටහේන පොලීසියේ ගාල් කැර තිබු  ලොරියකින්  ටී එන් ටී නම් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 120 ක් සොයා ගත් බව පොලිස් ආරංචි කියයි.

දිරාපත් වී ගිය මෙම ලොරිය වසර 13 කට පසු  බැකෝවකින් ඉවත් කරද්දී 'ට්‍රයි නයිට්රෝටොලුවන්ස් 'නම් විද්‍යාත්මක නාමයකින් හැදින්වෙන මෙම  පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙත ඇත.

මෙම ලොරිය හා පුපුරණ ද්‍රව්‍ය කොළඹ  ප්‍රහාරයක් සඳහා  ගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කරයි.