රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ කේරල ගංජා තොගයේ බර කිලෝග‍්‍රෑම් දෙකයි ග‍්‍රෑම් තුන්සීයකි.
සැකකරු මෙම ගංජා තොගය හිස් කිරිපිටි පැකට්, හිස් සබන් පෙට්ටි සහ රසකැවිලි ටින් තුළ සගවා ඉතා සූක්ෂම ලෙස මෙරටට රැගෙන විත් තිබූ බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශය කියයි.
ඔහු ඊයේ අළුයම ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව්-252 දරන ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබඳ විමර්ශන කටුයතු පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීහු සිදු කරති.
.