කේ.පී ට නඩු නෑ
කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරුවන කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන්ට එරෙහිව නඩු නොපවරණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මධ්‍ය මධ්‍යස්ථානය කියයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල හා හමුදා ප්‍රකාශක රුවන් වනිගසුරිය පැවැසුයේ ඔහුට විරුද්ධව කිසිම චෝදනවාක් ඉදිරිපත් වී නැති බවයි. ඔහු දැනට කිලිනොච්චියේ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගෙන රටේ සංවර්ධන වැඩ කරන බව හුළුගල්ල මහතා කීවේය. ප්‍රභාකරන්ගේ ඝාතනයත් සමග 2009දී කේ.පී. මලයාසියාවේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

