ඩබි ඒ පියතිලක
ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය කුචිචවේලි ප්‍රදේශයෙන් ගිරිතලේ වනජිවි පශූ වෛද්‍ය රෝහල වෙත රැගෙන ආ වලසෙකු කුඩුව බිඳ අද (24) අසල ගම්මානයට කඩා වැදී ඇත.
ගමට කඩා වැඳුනු වලසා ගම් වැසියෙකුට පහරදීම නිසා වනජිවි නිලධාරින් එම පුද්ගලයාගේ ජිවිතය බේරා ගැනීමට වලසාට වේඩි තබා මරා දැමු බව ගිරිතලේ වනජිවි පශූ වෛද්‍ය රෝහලේ නිලධාරියෙකු පැවසීය.
වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ දියබෙදුම ගිරිතලේ පදිංචි (44) හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහා රෝහලට ඇතුළුත් කර තිබේ.
කූඩුව බිඳගත් වලසා ගමිවැසියෙකුට පහර දෙයි
Recommended Articles