කුළු පොලු හමුදාත් සිරිකොත ලඟ
සිරිකොටත සමුළු නියෝජිතයන් දැන් බස්වලින් පැමිණීම ඇරඹිණි. මූලස්ථානයේ දොරටුවේදී සියළු දෙනා පරීක්ෂාකර ඇතුලත් කැරේ. පොලීසිය, ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකාය ජල බවුසර සමඟ කුළු පොලු හමුදාව, කළු හැද ගත් විශේෂ කැරළි මර්ධන ඒකකය ද කැඳවා ඇත. අඩු ගණනේ ආරක්ෂ අංශවල තුන්දහසක පමණ පිරිසක් එහි රඳවනු ලැබ සිටිති.

