කුස්සියේ කරාමෙන් කසිප්පු


පානදුර නිවුඩාවේ මුළුතැන්ගෙයකට අඟල් දෙකේ නළයකින් කසිප්පු  ගාලා එන ආකාරය සොයා ගැනීමට පානදුර පොලිසියේ දූෂණ මර්දන එකකටය ද ප්‍රශ්නයක් විය. පොළොව යට වැලලු බැරල්වල පෙරණ කසිප්පු එසේ මුළු තැන්ගෙයි කරාමයෙන් වෙළෙඳපොළට යැවීම කලක් තිස්සේ සිදු වී ඇතැයි පොලිසිය කියයි. බරල් වළ දැමු තැන්වල පොළව කොන්ක්‍රිට් දමා අතුරා තිබිණි. පොලිසිය අද සවස්වනතුරුත් කුලිකරුවන් යොදාවා වළවල් හාරමින් සිටියේය.