කුස්සි මාරයා ගනේමුල්ලෙන් අල්ලයි
කල් ඉකුත්වූ සෝස්, මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (කුස්සියේ මාරයා) සහ තවත් ටින් ආහාර විශාල ප්‍රමාණයක් අලෙවිය සදහා ගණේමුල්ලේ ගබඩා කර තිබියදී අද සවස සොයා ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයය කියයි.
ලොරියක පමණ බඩු එහි තුබූ බවත් එම දුව්‍ය විනාශ කිරීමට අයිතිකරු එකඟවූ බවත් නිලධරයෝ කියති.
ගනේමුල්ල පොලීසියට නුදුරු ස්ථානයක පිහිටි උත්සව ශාලාවක් පරීක්ෂා කිරීමට ගොස් සිටි බොල්ලත මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මේ ද්‍රව්‍ය සොයාගත්තේය.
එම ආහාර ද්‍රව්‍ය ගබඩාකර තබා ගත් පුද්ගලයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවකයන්ගේ හිඟකම නිසා තවම සියලු ද්‍රව්‍ය ගබඩාවෙන් ඉවත් කර නැති බවත්, තවත් බොහෝමයක් ඉවත් කිරීමට ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධරයෙක් එසැණට කීය.

