කුලී ගොඩනැගිලිවලින් රාජ්‍ය ආයතන ඉවතට


(++ නාලක සංජීව දහනායක)

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා රජයට දැරීමට සිදුවී ඇති අධික වියදම අවම කිරිමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍යාංශ මෙන්ම ඒවායේ විවිධ අංශ ද තවත් රාජ්‍ය ආයතන ගණනාවක් මේ වන විට පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අතර එවැනි ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.