කුලසේකර ‘චැම්පියන්ස් ලීග්’ යයි


දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග් 2012’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන චෙන්නායි සුපර් කිංග්ස් පිලට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර එකතු වී තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි ඞ්වේන් බ‍්‍රා්වෝ ආබාධයකට ලක්ව සිටීම නිසා එම ස්ථානයට නුවන් කුලසේකර ආදේශ කර තිබේ.