කොදෙව් පිලට එරෙහිව ඊයේ (08) පැවැති තරගයේදී පන්දුව වැදීමෙන් ඇගිල්ලක් තුවාල කරගත් නුවන් කුලසේකර වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නියමිතය.
කුලසේකරගේ ඇගිල්ලක පැලීම් තුවාලයක් ඇති බවත් එම ඇගිල්ල මේ වන විට ස්කෑන් පරීක්‍ෂණයකට ලක්කර ඇති බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පසුගියදා කළ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයටද එක්වූ සුරංග ලක්මාල් දකුණතින් වේග පන්දු යවන 26 හැවිරිදි කී‍්‍රඩකයෙකි. හෙතෙම එක්දින ජාත්‍යන්තර තරග 15 කදී කඩුලූ 17 ක් දවාගෙන තිබේ.