කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි


(නිමන්ති රණසිංහ)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යයින් පිරිසක් හෙට (09) කුරුදුවත්තේ සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවත් , ඒ අනුව එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුල්වීම වළකාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසත් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය.

උද්ඝෝෂණයේ යෙදී සිටින්නන් යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුකළ හොත් පොලිසියට ඇති බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පොලීසිය කළ ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් පාගමනක කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට මරදාන ටෙක්නිකල් හන්දිය ඔස්සේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පිවිසීමට සූදානමක් පවතින්නෙයැයි තොරතුරු ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.