( විනීතා එම්. ගමගේ )
කැළි කසල පිළිබඳව කටයුතු කිරීම සඳහා මධ්‍යම කසල කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව මතුවී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කරයි.
එම යෝජනාව ජනපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කළ බවත් කසල පිළිබඳ සියලූ බලතල එම ආයතනයට පවරන බවත් ඒ මහතා ප්රකාශ කරයි.
මහජනතාවට කැළි කසල පිළිබඳව තොරතුරු දැනගැනීමේ හා දැන්වීමේ හදිසි අංකයක් ලෙස 1917 අංකය ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා පවසයි.
මේ වනවිට කසල කළමනාකරණ කටයුතු විධිමත් කර ඇති බවත් කොළඹ නගරය කසලින් තොර යැයි ද හෙතෙම කියයි.ඉදිරියේදි කසල ලොරි තම දෛනික කටයුතු නිසියාකාරව කරන්නේ දැයි ඉලෙක්ටොනිකව නිරික්ෂණය කරන බවත් ඒ මහතා පවසයි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා මේ අදහස් පල කළේ කෙරවලපිටියේ දී පැවති උත්සවයක දී ය.

