කුණු අල ලෙඩේ තවත් පැතිරේ


 

පිටරටින් ගෙන්වු  අර්තාපල් කුණු වීමෙන් පසුව කන්ටේනර් පිටින් දඹුල්ලට ගෙන යන ඇතැම් ව්‍යාපාරිකයින් එවායෙන් හොද අල තෝරා  කුණු වී පණුවන් ගැසු අල රාත්‍රී කාලයට දඹූල්ලේ තැන තැන දැමීමෙන් මහජන සෞඛ්‍යට  බරපතල  ප්‍රශ්නයක් එල්ල වී ඇතැයි  දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි.

මෙවැනි අල  ගබඩා කළ ස්ථාන කහිපයක්ම සොයා ගිය පුරපතිවරයා  සෞඛ්‍ය නිලධරයන් හා පොලීසිය  කැඳවීය.

අද (12) උදේ කණ්ඩලම ප්‍රදේශයේ කුණු අල දමා ගොස් තිබිණි.

 ගබඩා තුනකින්  කිලෝ ලක්ෂයක් පමණ අර්තාපල් සොයා ගැණින.