හෝමාගම කොට්ටාව හා පිළියන්දල නිවාස 11ක් මාස 4කදී මහදවල් කඩා රුපියල් ලක්ෂ 10ක ලප්ටොප්, අත් ඔරලෝසු, කැමරා ආදිය සොරාගත් පුද්ගලයෙක් හෝමාගම දී අද (20) අත්අඩංගුවට ගනු ලැබීය. 11 වසරක් සිර දඬුවම් විඳි බව කියන මොහු මත්කුඩු ගැනීමට මුදල් සොයා ගැනීමට සොරකමට අබ්බැහිවී සිටිතියි පොලිසිය කියයි. කොට්ටාව මාකදුර බෝගහ ළඟ දී අත්අඩංගවට ගැනීමෙන් පසු මේ තොරතුරු පොලිසිය පවසා ඇත.

