කුඩාවැල්ලෙන් ගිය පිරිස පිටුවහල්


දෙවිනුවර කුඩාවැල්ලෙන් ඔක්තෝබර් 13 මුහුද මැදදී බෝට්ටුව පැහැරගෙන ඕස්ට්‍රේලියාවට ගිය 14 දෙනා ඕස්ට්‍රේලියාවේ පිටුවහල් කරනු ලැබ අද දහවල් 11.25ට විශේෂ ගුවන් යානයකින් කටුනායකට ගෙන එනු ලැබූහ. මේ පිරිස අතර කුඩා ළමුන් තුනක් ද, කාන්තාවක් ද සිටිති. මුහුද මැදදී බේට්ටුව පැහැරගෙන එහි සිටි පිරිස මුහුදට ඇද දමා බෝට්ටුව සොරාගත්තේ මේ පිරිසදැයි පොලීසිය විමර්ශන කරයි. ඕස්ට්‍රේලියාවේ රැකවරණය පතා යන සරණාගයන් දකුණු පැසිපික් සාගරයේ නවුරු දිවයිනේ ලියාපදිංචියට යැවේ. එහි පහසුකම් කිසිත් නැත.