මුංගිරිය කහවත්තේ කසුන් මධුසංඛ තරුණයාගේ පිටේ තිබූ කිලෝ දාහතක ගෙඩිය (31) පැය අටක ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි.
ශල්‍ය කර්මයෙන් ඉවත් කළ ගෙඩියේ බර හේතුවෙන් කොඳු ඇට පෙළ ඇද වී ස්නායු පද්ධතියට හානි සිදුවීම හේතු කොටගෙන ජීවිතය පවා අහිමි වීමේ තත්ත්වයට පත්ව සිටි මෙම තරුණයා ශල්‍යකර්මයෙන් අනතුරුව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරු පවසති. මුංගිරිය කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු එම ප්‍රදේශයේම වෛද්‍යවරයෙකුගේ යොමු කිරීමෙන් කොළඹ ජාතික රෝහලේ සායනයට ආයේ මීට වසරකට කලිනි.
ශල්‍ය කර්මයේදී ලේ මිලි මීටර් තුන්දාස් දෙසියක් ඉවත් කැරි‚. ඉතාමත් අවදානම් සහගත මෙම ශල්‍යකර්මය මගින් ඉවත් කළ ගෙඩි විශේෂය ජාන මගින් ඇති වෙතියි වෛද්‍යවරු කියති.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා මෙසේ පැවසුවේය.
‘මෙම තරුණයා මා වෙත පැමි‚යේ සායනය මාර්ගයෙන් ඔහු ජීවත් වන ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඔහු අපට යොමු කොට තිබුණ. ඒ මීට වසරකට ඉහතදී එදා අප කළ යුතු පරීඬණ සිදුකොට ඔහු ශල්‍යකර්මයට භාජනය කළා. ශල්‍යකර්මහයට භාජනය කරන අවස්ථාවේ අධික ලෙස රුධිරය වහනය වීමත් සිදුවූ නිසා රෝගියාගේ ජීවිතයට එය විශාල අවදානමක් වන හෙයින් ශල්‍යකර්මය අතරමග නවතා දමන්න සිදු වුණා. එදා කැපුම් තුවාල වලට නැවත මැහුම් දමා ගෙඩිය ඉවත් කිරීමෙන් ඔහුගේ ජීවිතය අහිමිවිය හැකි බව අප ඔහුගේ පියා දැනුවත් කලා. මීට වසරකට පෙර තරුණයා අපගේ වෛද්‍ය සායනයට යොමු වනවිට ගෙඩිය සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා.‘
‘නමුත් ගෙඩිය ඉවත් කළ අවස්තාව වන විට එය වේගයෙන් වර්ධනය වී තිබුණා. මේ හේතුවෙන් තරුණයාගේ පියා මා හමුවීමට පැමිණ පැවසුවා තරුණයාගේ පිටෙහි ඇති ගෙඩිය අධිකව වර්ධනය වීම නිසා ඔහුට තනිවම වැසිකිළියට යාම හෝ අඩුම තරමේ පුටුවක වාඩි වී සිටීමට නොහැකි බව.‘
‘මේ ආකාරයෙන් සමාජයේ හාස්‍යයට ලක් වෙමින් ජීවිත් වෙනවාට වඩා ජීවිත අවදානම ගෙන හෝ ශල්‍යකර්මයට යොමු කිරීම දැඩි අවශ්‍යතාවක් බව ඔහු පැවසුවා.‘
‘ඒ අනුව නැවත ශල්‍යකර්මයකට භාජනය කිරීමට සැලසුම් කළා. මෙම ගෙඩි විශේෂය හඳුන්වන්නේ නියුරෝ ‘ෆයිප්රෝමා‘ ලෙස යි. මේ තරුණයාට විශාල කරදරයකුත් වෙලා තිබුණා ඔහුගේ කොඳු ඇටපෙළ ඇදවී තිබුණ තරුණයා ඇවිදිනවා නම් ඔහුගේ පියා ගෙඩිය ඔසවාගෙන පිටිපස්සෙන් ගමන් කළ යුතු තත්ත්වයක් තිබුණා.‘
‘අප ස්කෑන් පරීඬණ සිදු කරමින් ගෙඩිය ශරීරයට හානි පමුණුවා ඇති ආකාරය හඳුනා ගත්තා. අපට පෙනී ගියා මෙම ගෙඩිය කොඳු ඇට පෙළට හානි කොට ඇති ආකාරය නමුත් සුසුමුනාවට විශාල බලපෑමක් තවමත් නොවන නමුත් රුධිරවාහිනී රාශියක් ගෙඩියේ ඇති බව හඳුනා ගත්තා.‘
‘සියලූ පරීඬණවලින් අනතුරුව තරුණයාගේ පිටේ තිඛෙන ගෙඩිය පිට හම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට පියවර ගත්තා. මෙම ගෙඩි හට ගන්නේ ජාන විකෘතිතා හේතුවෙන් රුධිරවාහිනී කැපී නොයන ආකාරයෙන් රුධිර වාහිනී ගැට ගසමින් අප ශල්‍යකර්මය කළා.‘
‘ශල්‍යකර්මයේදී ලේ මිලි ලීටර් තුන්දාස් දෙසියක් පමණ රෝගියාගේ ගෙඩියත් සමග ඉවත් වුණා. රෝගියාට රුධිරය පයින්ට් හතරක් සහ රුධිර ප්ලස්මා අප ලබා දුන්නා ශල්‍යකර්මය සිදු කෙරෙන අවස්ථාවෙම ගෙඩිය ඉවත් කිරීම නිසා ඇති වූ කැපුම් තුවාල වැසීමට ඉවත් කළ ගෙඩියෙන් ලබාගත් හම කොටස් බද්ධ කළා.‘
‘මා සමග එක්ව සිටියා ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාන් ඛෙනරගම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය කපිල මෙන්ඩිස් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරින් දෙදෙනෙකු වන වෛද්‍ය රවින්ද්‍ර රාජපඬ ගයාන් සුරේන්ද්‍ර යන වෛද්‍යවරු එක්ව සිටියා.‘
‘ඒ වගේම මතක් කළ යුතුයි. නිර්වින්දන වෛද්‍ය විශේෂඥ පී. අලූත්ගේ මහතා මෙම ශල්‍ය කර්මයේදී නිර්වින්දන ක්‍රියාවලිය සිදු කරමි.‘