ඩී සී ඩී හෙවත් ඩයිසයිනයිඩ්ඩයමයිඩ් විස රසායනය අඩංගුයැයි සැක කරන කිරිපිටි සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල අද (7) තීරණය කළේය.
ඩීසීඩී නම් අහිතකර රසායනය ඇති බවට වාර්තා වූ කිරිපිට වහාම වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස එම සමාගම්වලට ඔහු දැනුම් දුන්නේය.
ඒ අනුව මැලිබන්, ෆොන්ටෙරා හා පී එම් මොහොමඩ් අලී සමාගම්වලට ඔහු මේ බව දැන්වීය.
ඩීසීඩී ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනයෙන් අනාවරණය කරගත් ඇන්කර් 1+, ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරි, මැලිබන් යොදය රහිත කිරි, ඩයමන් කිරි වෙළෙඳ පොළෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇතැයි ද, සෙසු කිරිපිටිවල ඩීසීඩී ඇත්දැයි පිරික්සීමට කාර්මික තාක්ෂණ ආයතනයට දැනුම් දී ඇතැයි ද, ඒවායේ ඩීසීඩී ඇතැයි ඔප්පු වුවහොත් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නේයැයි ද අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
මේ අතර නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි සාම්පල කොළඹ වරායේදී ලබා ගෙන ක්ලොස්ට්‍රිඩියම් බොටලිනම් බැක්ටීරියාව ඇත්දැයි පිරික්සා බැක්ටීරියාව නැති තොග වරායෙන් මුදා හැරීමට තීරණය කළ බවත් ඔහු කියයි.
වේ ප්‍රෝටීන් අධි සාන්ද්‍රණය අඩංගු අතිරේක පෝෂණීය ආහාර වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමටත් විකිණීම වහාම අත්හිටුවීමටත් තීරණය කළ බව ද ඔහු කියයි.