කිරි වෙහෙර සුවඳ පැනින් නහවයි


කතරගම ඓතිහාසික කිරි වෙහෙර සුවඳ පැනින් නැහැවීම බ්‍රහස්පතින්දා රාත්‍රියේදී සිදු විය.

සඳුන් ,කිරිපැන් ,සුවඳ විලවුන් ,මල් ඇතුළු පුජා  ද්‍රව්‍ය රැසක් මුසු කැර සෑදු පැන් බවුසර හතකින්  සෑ රඳුන් නහවා උඩ මළුවද සෝදා පිරිසුදු කැරුණේ ඊට දායක වුවන්ගේ සාධු කාර මැද්දේය.

මේ වාර්ෂික පිංකම සංවිධානය කළේ කිරි වෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදිය.