කිඹුල් මස් කන්න ගිහින් අමාරුවේ


කිඹුලකු මරා මස් කළැයි කියන පුද්ගලයකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාවුල වැඩබලන මහේස්ත්‍රාත්  වසන්ත ආරියරත්න මහතා  නියෝග කළේය.

ලග්ගල දාස්ගිරිය  කේ එම් උපුල් සරත් බණ්ඩාර මෙසේ ඇප මත මුදා හැරිණි.

පසුගිය 28 වැනිදා ලග්ගල යකා කඩුල්ල වැවේ සිටි කිඹුලකු මරා මස් කෑමට රැගෙන යමින් සිටියදී ලග්ගල පොලීසිය විසින්  මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කළේය.