විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශනාවෙන් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පොහෝදින පින්කම් මාලාව පැවැවිණි.
විහාරස්ථ උපාසක උපාසිකාවෝ විශාල සංඛ්‍යාවක් එදින අටසිල් සමාදන් වුහ. විහාර වාසී මහා සංඝරත්නයේ මෙහෙයවීමෙන් දවස පුරාම ශීල භාවනා වැඩසටහන් පවැත්විණි.
තක්සිලා කරුණාරත්න,භාග්‍යා සිලවා, සුමිත්‍රා විමලදාස සහ ප්‍රමොදිනී ලියන්වෙල යන පවුල් වල සාමාජිකයෝ වස් ආරාධනා කළහ.
වස්සාන පින්කමේ වටිනාකම විස්තරකරමින් ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියෝ ධර්ම දේශනයක් පැවැත් වුහ. සෙත් පතා බැද්දේගම අගලිය ශ්‍රී ධර්මාරාම විහාරාධිපති රෑකඩහේනේ රතනසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝයා ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කළහ.
කටින චීවර පුජා පිංකම ඔක්තොම්බර් 27 වැනි දින පැවැත්වෙන බවත් වස් කාලය පුරාවටම සෑම ඉරිදා දිනයකම විහාරස්ථානයේදී නව අරහාදී බුදුගුණ වන්දනා සහ සුමදුර ධර්මදේශනා පැවැත්වෙන බව පියදස්සී නාහිමියෝ පැවසුහ.