කෑකෝ ගැසීම් මැද තංගලු උසාවිය කල් තබයි
තේජාන් බහු දින යාත්‍රාවෙන් තංගල්ල කුඩාවැල්ලේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් පිටිවහල් කැරුණු ධිවරයන් පිරිසක් තංගල්ල උසාවියේදී අද රිමාන්ඩ් කරද්දී උසාවියේ ඇතියූ ගාලගෝට්ටියක් නිසා උසාවි කටයුතු මිනිත්තු දහයකට කල් තැබීමට මහේස්ත්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මහත්මියට සිදු විය.
තේජාන් යාත්‍රාවේ සිට අතුරුදන් වූ ධීවරයන් තිදෙනෙකුගේ නෑයෝ උසාවිය ඇතුළේදී සැකකරුවන්ට ශාප කරන්නට වූහ.ඔවුහු සියලු දෙනාම අධිකරණයෙන් ඉවතට යවනු ලැබූහ.
සැකකාරියක ද විත්ති කූඩාවේ ක්ලාන්ත වී ඇද වැටුණාය.

