කැසිනෝ යන්න යතුරු පැදි ඉස්සු හතරක් සැකපිට



(සුසිල් ප්‍රියන්ත, ජේ. ඉඳුරුව, හේමන්ත ද සිල්වා)
 
යතුරු පැදි සහ ත්‍රීරොද රථ සොරා ගන්නා කල්ලියක සාමාජකයින් සිවු දෙනකු සොරාගත්  යතුරු පැදි 12 ක් සහ ත්‍රිරෝද රථ 3 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇල්පිටිය,කරන්දෙණිය සහ ඌරගස්මංහංදිය පොලිස් වසම්වලින් මේවා සොරාගෙන ගොස් තිබුණි.  කැසීනෝ සූදුවල නිරතවීමට මුදල් සොයා ගැනීමේ අරමුණෙන් මොවුන් රාත්‍රී කාලයේ නිවෙස් ඉදිරිපට නවතා තබන යතුරු පැදි සොරකම් කර ඇති බව පොලිසිය කියයි.
සොරා ගත් යතුරු පැදි   විවිධ ප්‍රදේශවල අයට උකසට  තබා මුදල් ලබා ගෙන තිබේ එලෙස උකසට තබා තිබූ යතුරු පැදි සැකකරුවන්ගෙන් ලබා ගත තොරතුරු අනුව සොයා ගත බව පොලිසිය පැවසීය.