ඕස්ටේ‍්‍රලියාවේ කැසිනෝ රජා යැයි සැළැකෙන ජේම්ස් පැකර් සමග ශී‍්‍රලංකා රජය ඇතිකර ගැනීමට නියමිත කැසිනෝ ගිවිසුම නිසාවෙන් ශී‍්‍රලංකාවට රුපියල් කෝටි 900ක බදු මුදලක් අහිමි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
ආන්දෝලනයට ලක්ව ඇති මේ කැසිනෝ ගිවිසුම ඇති වනුයේ මූල්‍යෙයෝපාය සංවර්ධන පණත යටතේ බවද මේ පණත යටතේ සිදුකැරෙන ව්‍යාපෘතියක් නිසාවෙන්ම ශී‍්‍රලංකාවේ දැනට පිහිටි කැසිනෝ හල් වලින් අයකෙරෙනා සූදු කෙළීමේ හා ඔට්ටු දැමිමේ බද්දද මේ ඇතිකිරීමට යන කැසිනෝහලෙන් අය නොකෙරන බවද එක්සත් ජාතික පක්ෂය කියයි.
ජේම්ස් පැකර් මෑතකදී එළැඹි කැසිනෝ ගිවිසුමකට අනුව ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත්වේල්ස් ආණ්ඩුවට ඩොලර් කෝටි 100 ක බදු මුදලක් ගෙවූ බව හෙළි කරන එක්සත් ජාතික පක්ෂය මේ සා බදු මුදලක් ගෙවීමට හැකියාව ඇති ඔහුට බදු සහන ලබාදීමට රජය කටයතු කර ඇත්තේ මන්දැයි ප‍්‍රශ්න කර සිටී.
සිංගප්පුූරුව වැනි රටවල කැසිනෝ හල් වලින් ඉතා විශාල බදු මුදලක් අයකෙරෙන බවත් ශී‍්‍රලංකාවේ නම් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂය කියයි.