මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිප දෙනකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුහු අද (11) විරෝධතාවක් ඇරැඹූහ.
විශ්ව විද්‍යාලයයේ රැස්වීමක් පවත්වා ඇරැඹූ පෙළපාළිය මේ වන විට කොළඹ මහනුවර පාර ඔස්සේ කිරිබත්ගොඩ නගරය දෙසට ගමන් කරයි.
කොළඹ - නුවර පාරේ දැඩි වාහන තදබදයක් ද හටගත්තේය. පොලිසියේ විස්සක් තිහක් ආරක්ෂාවට යොදවනු ලැබ සිටිති.